Friday, August 10, 2018

ආදරේ ඉල්ලන හිගන්නී....

සයිබර් අවකාශයේ අනාථ වූ
ඇය.........


හරි ආදරෙන් 
සෙනෙහසින් 
ලෙන්ගතුකමින්
ලියපු
පුංචි පදවැල්
කදුලු පුරෝගෙන
නුඹ බලන්න
සයිබර් අවකාශයේ

අනාථාවී
නෑගම් එන
පුංචි හිගන්නී
අද එනවිට
මුහුනු පොතේ
දොරකඩ ලග
අගුලු දැකලා
කදුලු වැගුරුනේ
සයිබර් අනාථාගාරයට
සාප තියමින්

විලාප දෙනවා
ඔබට
සාප නොදී.....
සතුටින් හිනැහෙන
තරු පොකුරු 

මල් වියන්
දොඩමලු වෙද්දි
ඔච්චම් කරද්දී
ඇණුම් පද කියද්දී
මං ඔහේ පාවුණේ
නුඹ දකින්නට
අහම්බෙන් හරි
හමුවේවි කියා...

නමුදු
සෙල්ලක්කාර 
ජිවිතයක්
හැගීම් එක්ක
සෙල්ලම් කලේ
සෙල්ලමටමයි කියා
කදුලු කියද්දීත්
කදුලු අතරින්වත්
නෑ දුටුවේ
නුඹ
ඉදහිටවත්
මං............




-සචිනි කේ.ගුණරත්න--

8 comments:

”ලිංගික අධ්‍යාපනය හා පාසල් දරුවා. ” ගෝලීය සංදර්භීය අවකාශය තුළ පුද්ගලයා තමන් උපයන ධනය වර්තමානයේ මෙන්ම අනාගතයේදී ත් ආයෝජනය කිරීම සදහා වාණිජ බැ...