Tuesday, June 26, 2018

කැලනි අහස යට



පසෙකින් බද
සලිත කර
දුවයි මග දෙපස
සගයින්
ගත
වෙහෙස කර
රගයි තව එකෙක්
සිත වල්මත්
දෙකඩ කර
කැලනි අහස යට
ගැඹුරෙහි පළල කිම ?

සෙවැනිලි බොදකරමින්
පහළට
ඇද හැලෙනා
කැලනි අහසේ ජල බිදු කැට
මෙන් සේමා
මඩ පැල්ලම් වද්දාගෙන
උන් ඇති සේමා
කැලනි අහසේ යට
ඉඩකඩ නොමවේවා !

ලුණු රස මුසුව ඇගෙන්
වැටුණු
දහ බිදිය
පැණි රස ඇතිව
අතට ලැබුණු
පිං පඩිය
කට රස සමග කන මේ
අපේ
බත් පිඩිය
සිත සැනසුමෙන්
විදිනටවත් ඉඩ නැතය.

- සචිනි කේ.ගුණරත්න -







ස්වේත කදුලු



වැලි පාරේ
දුවිලි අතරේ
කහ වුණු
ඇස්
කැරකෙවෙනවා....

ගිනි අව්වුවේ
තද එළියේ
වැගිරුණු
ගත
වෙවුලනවා...

මැටි පහනේ
රතු එළියේ
පුපුරන ගිනි
රටා
මවනවා...

ඔබ එනවිට
නෙතු අතරේ
ස්වේත
කදුලු
සිනාසෙනවා...

- සචිනි කේ.ගුණරත්න -

මළගිය දූ



වැලි අතරේ සැගවුණු මගේ
පුංචි මැණික

ඔබ..

ගණ අදුරේ
දිදුලන අර පුංචි තරුව
ඔබ..

ගලන දහරේ සිසිල හමන
පෙණ බුබුලකි
ඔබ..

භව අවයෙත් මගේ වේයැයි
සිතුවේ මම
ඔබ..

- සචිනි කේ.ගුණරත්න -


මිනිසා


රළ පෙලන
වෙරළක
අහඹු බෙලි කටුවක
තැලෙන හද
ගිනියම් කර
වැගිරුනේ රුහිරු කදුලුය....


කැඩපතක් වෙත හිද

මම
මාවම සොයන කල
මම
සැකිල්ලක් දුටු
විගසම
සිහි වුණේ දරු දෙපළය....


ජිවිතේ මැද අරගලේ

රැය පහන් වන
තුරු මගේ
ගෙවන මේ
කුරිරු
කණිසමේ
නිමිත්තක්
නැත
මේ භවේ....


- සචිනි කේ.ගුණරත්න -

Sunday, June 3, 2018

නිහඬ ගොම්මන
පාලු කණිසම
ඇගේ ළැම වට
ස්පර්ශ කලා

අවර හිරු මැද

ගෙනෙන තනිකම
ඇගේ සිහසුන්
විකෘති කලා

අදුරු රාත්‍රිය

එළි කරන්නට
ඇගේ ප්‍රයත්නය
දුබල කලා

නිසොල්මන්වය

තිබූ හිස ඈ
යකඩ ගොඩකට
බාර කෙරුවා...

- සචිනි කේ.ගුණරත්න -


UNITY



Camera Mode   -   Nikon D 5100
F Number          -   F8
ISO                     -  100
Shutter               -   1/160






CHILDHOOD





Camera Mode   -   Nikon D 5100
F Number          -   F5
ISO                    -   200
Shutter              -   1/160






ALONE




Camera Mode   -   Nikon D 5100
F Number          -   F6.3
ISO                    -   100
Shutter              -   1/125






LOVE



Camera Mode   -   Nikon D 5100
F Number          -   F5
ISO                    -   200
Shutter              -   1/125





LIFE




Camera Mode   -   Nikon D 5100
F Number          -   F11
ISO                    -   100
Shutter              -   1/125



”ලිංගික අධ්‍යාපනය හා පාසල් දරුවා. ” ගෝලීය සංදර්භීය අවකාශය තුළ පුද්ගලයා තමන් උපයන ධනය වර්තමානයේ මෙන්ම අනාගතයේදී ත් ආයෝජනය කිරීම සදහා වාණිජ බැ...