”ලිංගික අධ්‍යාපනය හා පාසල් දරුවා. ”
ගෝලීය සංදර්භීය අවකාශය තුළ පුද්ගලයා තමන් උපයන ධනය වර්තමානයේ මෙන්ම අනාගතයේදී ත් ආයෝජනය කිරීම සදහා වාණිජ බැංකු වල තැන්පත් කරයි. නමුත් එම ධනය කුමක් සදහා භාවිතා කළත් තමන්ගේ දරුවන් තරම් වටිනා ධනයක් තවත් කොයින්ද? ළමා ලෝකය පිළිබඳ බුදුරජාණන් වහන්සේ අග්ගඤ්ඤ සූත‍්‍රයේ ”පුත්තා වස්තු මනුස්සානං” යනුවෙන් සදහන් කර ඇත්තේ මනුෂ්‍ය වර්ගයාට ඇති එකම සම්පත දරුවන් නිසාවෙනි. එසේ නම් මේ ළමා ලෝකය වඩාත් සුපුෂ්පිත වන්නට විධිමත් අධ්‍යාපනයක් අනිවාර්යයෙන්ම ලබා දිය යුතුයි.
වර්තමානය වන විට විධිමත් අධ්‍යාපනය තුළ තිබෙන හිඩැස කුමක් ද? යන්න අධ්‍යනය කරන විට විශාල සමාජ ඛේදවාචකයක් ලෙස දැක ගත හැකි කාරණාවක් ලෙස ලිංගික අධ්‍යාපනය නොමැතිකම හැඳින්වීමට පුළුවන. එම නිසා ලිංගික අධ්‍යාපනය පිළිබදව පුළුල් කතිකාවතක් මෑත කාලයේ දී නිර්මාණය වුණි. එනම්, ලිංගික අධ්‍යාපනය පිළිබදව පාසල් විෂය නිර්දේශයට ඇතුළත් වුණු ”හතේ අපේ පොත” නැමැති කෘතිය කරළියට පැමිණීමය. මේ කෘතිය අතිශය අසභ්‍ය, කුඩා දරුවන්ට කිසිසේත්ම නොගැළපෙන කරුණු අඩංගු පොතක් බව හා එම පොත වහාම තහනම් කළ යුතු බව භික්ෂූන් වහන්සේලා ඇතුලූ විවිධ පාර්ශව තරයේම විරුද්ධ වූහ. එම හේතු මුල් කොටගෙන එම පොත තහනම් කිරීමට සිදු වුණි. යොවුන් වියේ දරුවන්ට තම ශරීරය පිළිබදව අවබෝධයක් ලබා දීමේ වරද කුමක්ද ? එ් අවබෝධය මත තම ශරීරය අනෙකාගෙන් ආරක්ෂා කර ගත හැකි වන්නේ නොවේ ද? යන්න සවිඥානිකව හොදින් සිතා බැලිය යුතු ප‍්‍රශ්නයක් වී ඇති බව වර්තමාන සමාජ ගැටලූ නිරීක්ෂණයේ දී හඳුනා ගත හැක.
ලිංගික අධ්‍යාපනය දීම යනු ලිංගික ක‍්‍රියාකාරකම් පිළිබඳව ළමයින් පෙළඹවන්නක් නොවන බවත්, බාල වයසේ සිටම ලිංගික අධ්‍යාපනය ලබා දීමෙන් බොහෝ අතවර වළක්වා ගත හැකි බවත් එ් සම්බන්ධයෙන් විවිධ පර්යේෂණ කරන විද්වතුන්, වෛද්‍යවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, නීතිඥවරුන් මෙන්ම දරුවන් සමග නිරන්තරව හිඳින ගුරුවරුන් ඇතුළු පිරිස් ද පවසනු ලැබීය.විශේෂයෙන්ම දරු, දැරියන් ලිංගික අපයෝජනය, ප‍්‍රචණ්ඩත්වයට සහ ශ‍්‍රම සූරාකෑමට ගොදුරුවීම පමණක් නොව අධ්‍යාපනය ඇතුළු බොහෝ මූලික අයිතිවාසිකම් ඔවුන්ට අහිමි කරනු ලැබීම ද ශ්‍රී ලංකාවේ නිරන්තරයෙන් අසන්නට ලැබෙන්නකි. ලොව පුරා ළමා අයිතිවාසිකම් පිළිබඳ විශේෂඥයන්වරියන් පිළිගන්නා ආකාරයට ලිංගික අධ්‍යාපනය ිැං ැාමජ්එසදබ ද ‘ජීවන තත්වය‘ සඳහා අත්‍යවශ්‍ය සාධකයකි.
විශේෂයෙන්ම මෑත කාලයේ (2023/05/13* වාර්තා වූ කළුතර ටියුෂන් ගුරුවරයෙකු විසින් සිසුවියන් 16 දෙනෙකු ලිංගික අතවරයට ලක් කල සිදුවීම බරපතළ ගැටලූවක් ලෙස විශ්ලේෂණය කිරීමේ දී හඳුනා ගැනීමට හැකි විය. එම සිදුවීම තුළ ගුරුවරයා නව තාක්ෂණය තුළ ‘දදප හරහා සිදුකළ උපකාර පන්ති වල දී සිසුවියන්ගේ දෙමාපියන් නොමැති අවස්ථාවල ඔවුන්ට නිරුවත් වන ලෙස සිදු කළ ඉල්ලීම් වලදී එය සිදුකර ඇති බව නිසාවෙන් ඔහුගේ පරිගණකය තුළ එම පටිගත කිරීම් 16 ක් පමණ විමර්ශන වලදී හමු වී ඇත. එය වැඩිදුරටත් අධ්‍යයනය කිරීමේ දී හඳුනා ගැනීමට හැකි වන්නේ එම පාසල් දැරිවියන් ප‍්‍රධාන වශයෙන් ලිංගික අධ්‍යාපනය පිළිබඳ ඇති නොදැනුවත් භාවය මූලබීජ වන බවයි. මන්ද ලිංගික අධ්‍යාපනය හුදෙක් වර්ගයා බෝ කිරීමකට පමණක් සීමා වූ කාරණාවක් නොවෙන නිසාවෙනි. එ් අනුව ලිංගික අධ්‍යාපනය තුළ ඇති හිඩස තුළින් මතු වූ කුතුහලය හා පෙළඹීම මීට හේතු කාරණා විය හැක.
එ් අනුව දරුවන්ගේ වයසට සරිලන ආකාරයට ලිංගිකත්වය, ලිංගික අවශ්‍යතා, විෂම ලිංගිකයන් සහ ප‍්‍රජනනය වැනි කරුණු යුරෝපය ඇතුළු බොහෝ රටවල පාසල්වල විෂය නිර්දේශයට ඇතුළත් කර තිබීම සුවිශේෂත්වයකි. බි‍්‍රතාන්‍යයේ එම විෂයය හැඳින්වෙන්නේ ඍැක්එසදබියසච ්බා ීැං ෑාමජ්එසදබ* -ඍීෑ ලෙසිනි. එ් අනුව ඇතැම් රටවල ලිංගික අධ්‍යාපනය ඇරඹෙන්නේ දරුවන් ඉතා බාල වියේදීය.
කෙසේ වුවත් ලිංගික අධ්‍යාපනය ශ්‍රී ලංකාවේ පාසල්වල විෂය නිර්දේශයට ඇතුළත් පාඨමාලාවක් නොවේ. ඇතැමුන් එහි අවශ්‍යතාව අවධාරණය කරන අතර, එමගින් දරුවන්ගේ මනස ¥ෂණය වන බව පවසමින් තවත් සමහරු එයට දැඩි විරෝධය පළ කරති. පාසල් අධ්‍යාපනයේදී ලිංගිකත්වය ගැන ඉගැන්වීම අතින් නෙදර්ලන්තය ඉදිරියෙන්ම සිටී. ඔවුන් ළමුන්ට සමීප වී විවෘත ලෙස ලිංගිකත්වය ඉගැන්වීම සඳහාත්, එය අවශ්‍ය සීමාව ඇතුළත කිරීම සඳහාත් පුහුණු කළ ගුරුවරුන් සිටීම විශේෂත්වයකි. එම අධ්‍යාපනය නිසාම ළමා ගැබ්ගැනීම් අඩු කිරීම අතින් නෙදර්ලන්තය කදිම ආදර්ශවත් රටකි. මන්ද සමීක්ෂණ තොරතුරුවලට අනුව ලංකාවේ ලිංගික අධ්‍යාපනය ඉතාම දුර්වල මට්ටමක තිබෙන බව හඳුනාගෙන ඇත.
මෑතකාලීන නිදර්ශන අතර කළුතර ප‍්‍රදේශයෙන්ම වාර්තා වූ කළුතර තරුණිය නිරුවතින් තට්ටු සහිත හෝටල් කාමරයෙන් බිම දුම්රිය පාර අසල මරණයට පත් වූ පුවත සමාජය තුළ ආන්දෝලනාත්මක කාරණාවක් බවට පත් වී ඇත. එම සිදුවීමේදී ද ඇය 16 හැවිරිදි පාසල් දැරියක් වන අතර එවැනි සිදුවීම් සඳහා ආකල්පමය වශයෙන් පරිහානියට ලක්වීමට අධ්‍යාපනය තුළ ඇති මෙම ලිංගික හිඩස හේතු කාරණා වන්නට පුළුවන.
ලිංගිකත්වය යන්න සමාජයෙන් හෝ සංස්කෘතියෙන් බැහැරව හැදෑරීමට හැකි කාරණාවක් නොවෙන බව මෙම සමාජ ගැටලූ විශ්ලේෂණය කර ගැනීමේදී හඳුනා ගැනීමට හැකි විය. 2012 වර්ෂයෙහි අන්තර්ජාලයේ ගූගල් සෙවුම් යන්ත‍්‍රයේ ”සෙක්ස් ” :ීැං* යන වචනය වැඩිමනක් සෙවූ පිරිස සිටින රට ලෙස ශ්‍රී ලංකාව පළමු තැනට පත් වී ඇත. එම දත්ත පිළිබඳ අනාවරණය වුයේ ගූගල් සමාගම සිදු කළ සමීක්ෂණයක දී ය. එම වාර්තාව තහවුරු කරන ආකාරයට 2012 වර්ෂයේ අපේ‍්‍රල් 15 වන දින සිට 21 වන දින යන කාලයේදීත්, දෙසැම්බර් මාසයේ 23 වන දින සිට 29 යන කාලයේදී සෙක්ස් යන වචනය සෙවුම් යන්ත‍්‍රවලට ඇතුළත් කර තිබෙන්නේ වැඩි නිවාඩු ප‍්‍රමාණයක් ඇති මාසවල දී ය. එ් අපේ‍්‍රල් සහ දෙසැම්බර්වල යන මාසයන්හි දීය. විශේයෙන්ම එ් දරුවන්ට නිවාඩු ලැබෙන කාල සීමා ද්විත්ව යයි. ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඉතියෝපියාව, පාකිස්ථානය, බංග්ලාදේශය, වියට්නාමය, නේපාලය, සෝමාලියාව, කාම්බෝජය වැනි රටවල් මෙම වචනය වැඩි වශයෙන්ම සෙවූ රටවල් ලෙස පෙරමුණේ සිටී. එ් අතර ඉන්දියාවේ බැංගලෝරය ප‍්‍රමුඛස්ථානයේ පසු වෙයි. අභාග්‍ය සම්පන්න කරුණ වන්නේ ශ්‍රී ලංකාව ද එහි දී පෙරමුණේ සිටීමය.
එම අධ්‍යාපනය ලබා දීම දරුවන් ලිංගික ක‍්‍රියාකාරකම් කෙරෙහි පෙළඹවන්නක් ලෙසට ඇතැම් පිරිස් ගෙන යන මතයන් මිත්‍යවක් ය. එසේම දරුවන්ට වැඩිම අපයෝජනයන්, අපරාධයන්, හිංසනයන්, සිදුවෙන්නේ සිය පවුල, ඥාතීන්ගෙන්, සමීප හිතවතුන්ගෙන්, අසල්වැසියන්ගෙන් වෙන අතර මේ පිළිබඳව දරුවන් දැනුම්වත් කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බව ය.
සේයාගේ ඝාතනයට, විද්‍යාගේ අභිරහස් මරණයට සාධාරණයක් ඉල්ලා හඬ නැඟූවා ලෙසම අදටත් බොහෝ පිරිසක් ළමා අපචාර, ¥ෂණ වලට විරුද්ධව හඬ නගා එ් වෙනුවෙන් සාධාරණය ඉල්ලා හඬනඟති. මෙවැනි සිදුවීම්වලට ළමයින්ට මුහුණ දීමට සිදුවන්නේ ලිංගික අධ්‍යාපනයේ දුර්වලතා බව තරයේ කියා සිටිය යුතුය. ලිංගික අධ්‍යාපනය යනු ලිංගික සංසර්ගය පමණක් නොව. සාර්ථක සම්බන්ධතාවක් ඉදිරියට පවත්වාගෙන යෑම ලිංගික අධ්‍යාපනය තුළින් ඉස්මතු කළ යුතුය.
ඇතැම් වාර්තා වලට අනුව සමහර දරුවන් දුෂණයට ලක් වීමෙන් පසු ළමා මව්වරුන් ලෙස රෝහල් ගත වන අවස්ථාවේදී ය, එයින් වර්ගයා බෝ කරන බව පවා හඳුනා ගැනීමට පෙළඹෙන්නේ. එ් තුළින් පැහැදිලි වන්නේ පාසල් අධ්‍යාපනය තුළ ඔවුන්ට එ් පිළිබඳ දැනුවත් කිරීම් සිදු නොකර ඇති බවයි. සමාජ ජාල හරහා අලෙවිකරමින් බරපතළ ලෙස අපයෝජනයට ලක්කිරීමේ පුවතේ වාර්තාවීමට ද මෑත කාලය තුළ ව්‍යාප්ත වී ඇත. එ් තුළින් ළමා ගණිකා වෘත්තීන් බිහිවීමට අවශ්‍ය සන්දර්භය නිර්මාණය වීම විශාල ඛේදවාචකයක් බව නිරීක්ෂණ තුලින් හදුනා ගත හැක. එ් අනුව ශ්‍රී ලංකාවේ විවිධ වයස් මට්ටම්වල පුද්ගලයන් දරුවන්ට එල්ල කරන හිංසනයන්ගෙන් ආරක්ෂාවීම පිණිස යම් ලෙසකින් ලිංගික අධ්‍යාපනයේ අවශ්‍යතාවක් පවතින බවය පෙනී යයි.
නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය ප‍්‍රකාශ කරන ආකාරයට ඉතිහාසයේ වැඩිම ළමා ලිංගික අපයෝජන නඩු ප‍්‍රමාණයක් වාර්තා වූයේ 2020 වර්ෂයේදී ය. එම වසරෙහි ගෙවුන මාස කිහිපය තුළ සෑම පැය දෙකකට වරක් ම දරුවෙක් ¥ෂණය වන බව වාර්තා වී ඇත. එපමණක් නොව ළමා ලිංගික අපයෝජන වැළැක්වීම සඳහා නිසි සන්නිවේදන ක‍්‍රියාවලියක් නොමැති වීමද මෙයට හේතු සාධකයක් වී ඇත. 2020 වර්ෂයෙහි ළමා ¥ෂණ සිදුවීම් 1169 ක්, වැඩිහිටි කාන්තා ¥ෂණ 281 ක් වශයෙන් වාර්තා වී ඇත. එ් අතුරින් ළමා අපචාර සිදුවීම් 4029 ක් වාර්තාවීමත් සමඟ සමාජ, අධ්‍යාපනික, සංස්කෘතික වශයෙන් අප නොදැනුවත්වම විශාල පෙරළියකට මුහුණදීමට සිදු වී තිබේ. අද වන විට ලංකාවේ දිනකට ගබ්සාවීම් 1000 ක් පමණ සිදු වෙයි. එ් අතර පාසල් ශිෂ්‍යාවෝ ද ඇතුළත් වීම විස්තීර්ණ වූ සමාජ සංදර්භයේ අධෝ ව්‍යුහයට හා උපරි ව්‍යුහයට හානි පැමිණවීමකි.
එ් අනුව මා විසින් මෑතක දී සිදුකළ නිරීක්ෂණයක් ලෙස උතුරු මැද පළාතේ පාසල් කිහිපයක මෙම තත්ත්වය උග‍්‍ර වෙමින් පවතී. එහිදී විශේෂයෙන් ම පාසල් තුළ කුඩා දරුවන්ගේ සිට උසස්පෙළ දක්වා ළමුන් ලිංගික ක‍්‍රියාකාරකම් සිදු කොට මුදල් ඉපයීමේ මාර්ග වලට පෙළඹී ඇත. එම කාරණාව මුල් කරගෙන සමාජය තුළ ඉතාමත් නුදුරු අනාගතයේ ්‍යෂඪ රෝගීන් ශීඝ‍්‍රයෙන් බිහිවීමට බිහි වීමට ඇති ඉඩ ප‍්‍රස්ථාව ඉහළය. තවදුරටත් එම සමාජ ගැටලූව විශ්ලේෂණය කිරීමේ දී හඳුනා ගැනීමට හැකි වූයේ ඔවුන් තමන්ගේ ඉතාමත් කුඩා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ආර්ථිකය අතින් ශක්තිමත් වීමට මෙය භාවිතා කරන බවය. එපමනක් නොව එය මානසික, කායික වශයෙන් තෘප්තිමත් වන කාරණාවක් හා ආර්ථිකමය වශයෙන් ශක්තිමත් වීම මත එය ඉතාමත් සුදුසු බව ඔවුන්ගේ මතය බවට ස්ථාපිත වී ඇත. එවැනි කාරණා පාසල් ළමයින් තුළ පැළවීමට ඇති අවකාශය නිර්මාණය කර දී ඇත්තේ සංස්කෘතික හා සමාජ කාරණා නිසාවෙනි.
මන්ද ලිංගික ක‍්‍රියාව සහ පවුල් සැලසුම් ක‍්‍රම පිළිබඳ ඉගැන්වීම ලාංකේය අධ්‍යාපන ක‍්‍රමය තුළ වක‍්‍රාකාරවවත් දැක ගැනීමට නොමැත. එසේ සිදුකර ඇත්තේ හිතාමතාම සංස්කෘතියත් එක්ක ගැටෙන ගැටලූ සඳහා බව කිව යුතුය.
දියුණු රටවල දරුවන්ට අධ්‍යාපනික වශයෙන් විධිමත් සහ විවෘත සංස්කෘතික පසුබිමක් සහිතව කුඩා කාලයේ සිටම ලිංගිකත්වය පිළිබඳ පූර්ණ දැනුමක් ලබා දෙයි. නමුත් ආවරණ සහිත අපේ සංස්කෘතික නැමියාවන් විසින් රෝපණය කරනු ලැබූ ගතානුගතික ආකල්පවල බලපෑම නිසාත්, අධිවේගී දුම්රියන් වගේ ධාවනය කරන තරඟකාරී ජීවන රටාවන් නිසා මව්පියන්ගෙන් එම දැනුවත්වීම නොලැබෙයි. මෙවන් පසුබිමක් තුළ කුතුහලයෙන් පිරුණු ළමා මනස තම මිතුරු මිතුරියන්ගේ හා එ් පිළිබඳ සොයා යන්නට ඇති වෙනත් මාර්ගවලින් ලිංගිකත්වය පිළිබඳව සොයා යයි. ඔවුන් එ් සඳහා සංහතික මාධ්‍ය උපයෝගී කර ගනු ලබයි.
මාර්ෂල් මැක්ලූහන්ගේ විශ්ව ගම්මාන සංකල්පයත් සමග විස්ථාරණය වූ ගෝලීය ලෝකය තුළත් විධිමත් ලිංගික අධ්‍යාපනයක් නොමැතිකම නිසා නොදැනුවත් බව වගේම අනවබෝධය හේතුවෙන් දුෂ්කර ප‍්‍රදේශවල සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්නට කොළඹට පැමිණෙන දරුවන් ලිංගික අපරාධවල ගොදුරු බවට පත්වෙයි. මෙය කොළඹට පමණක් පොදු වූ කරුණක් නොවන බව ද තරයේ ප‍්‍රකාශ කළ යුතුය. සමස්ථ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ මෙම ශෝචනීය තත්වය දැකගන්නට පුළුවන. ඇතැම් අවස්ථාවලදී එවන් අත්දැකීම් හා සිදුවීම් පිළිබදව විශ්වවිද්‍යාල තුළ මෙන්ම ඉන් පිටතදීත් අසන්නට ලැබෙන වාර ගණන සිතා ගන්නටවත් පවා නොහැකිය. මෙය එක්තරා වූ සමාජ සෝදාපාළුවේ ලක්ෂණයකි. ඩෙස්මන්ඞ් මොරිස් නම් වූ කතුවරයාගේ මනුසත් උයන, නිරුවත් වානරයා, නිරුවත් ගැහැණිය වැනි ලිංගිකත්වය පිළිබඳව ලියැවුණු උසස් පොත් පරිශීලනය කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉතා අල්පය. පාසල් ගුරුවරුන්ගේ සිට විශ්වවිද්‍යාල ගුරුවරයා දක්වාම බහුතරයක් ගුරුවරු ලිංගිකත්වය පිළිබඳ කාරණාවේදී සාම්ප‍්‍රදායික ආකල්ප මත සිරවී සිටී. මෙයට කදිම සන්නිදර්ශනයක් ලෙස දැක්වුවහොත් විශේෂයෙන්ම බාලිකා පාසල් වල තරුණ පිරිමි ගුරුවරු උසස් පෙළ සිංහල විෂය නිර්දේශයට අදාළ රත්නාවලී නාට්‍යය තුළ ඇති ශෘංගාරාත්මක රස ජනනය වන අවස්ථාවන් ඉගැන්වීම් ක‍්‍රමවේදය තුළ මගහැර යන අවස්ථා දැක ගන්නට ලැබෙයි.
පාසල් දරුවන්ගේ ලිංගික අධ්‍යාපනය ගැටලූ අතර පවුල තුළ දෙමව්පියන් විසින් තම දරුවන්ට ඔවුන්ගේ උපත සම්බන්ධව අසන ප‍්‍රශ්න සඳහා ලබාදෙන පිළිතුරු අතර ”රෝස කැලෙන් ගෙනාවේ”, වැනි පිළිතුරු ලබා දී ගැලවීමට උත්සාහ කිරීම දැක ගැනීමට හැක.එවැනි සුරංගනා පිළිතුරු ලබාදීමෙන්, දරුවන් එ්වා විශ්වාස කරනවාටත් වඩා, දරුවන්ට දැනගන්න අවශ්‍ය වන පිළිතුර නොලැබීම එයින් සිදු වේ.එවිට දරුවන් එම පිළිතුර ලබාගැනීමට උත්සාහ කරන්නේ සමහර විට වැරදි තැනකින් වෙන්න පුළුවන.
මෑතකදී චීනයේ පැවැත්වූ සමීක්ෂණයකදී සහභාගී වූ අයගෙන් 90% ක් පමණ වන දෙමව්පියන් පැවසූයේ දරුවන්ට පාසල මගින් ලිංගික අධ්‍යාපනය ලබාදීම ඔවුන් ඉතා සතුටින් අනුමත කරන බවයි. ඔවුන්ට අනුව දරුවන් සමග සමහර සංවේදී කාරණා සාකච්ඡුුා කිරීමට ඔවුන්ට ද නොහැකි අතර එ් සඳහා සුදුසුම අය වන්නේ ගුරුවරුන් වන බවයි. පවුල් සැලසුම්කරණය, ලිංගික ක‍්‍රියාකාරකම් සිදුකිරීමේදී ආරක්ෂා වීම, මාසික ඔසප් චක‍්‍රය හා ආර්තවය යනාදිය පිළිබඳව ඉගැන්වීමේ හොඳම පිරිස වන්නේ ගුරුවරුන් වන බවයි. යුරෝපයේ හා දකුණු අප‍්‍රිකාවේදී සිදුකරන ලද සමීක්ෂණයකට අනුව 60% කට වඩා වැඩිහිටියන් විසින් වයස අවුරුදු 12-14 ත් අතර තම දරුවන්ට කොන්ඩම් භාවිතය පිළිබඳ ඉගැන්විය යුතු බව පවසන ලදී.
ලිංගික අධ්‍යාපනය ලබාදීම ශ‍්‍රී ලංකාව වැනි රටක අභියෝගාත්මක වී ඇත්තේ ඉහතින් දක්වා ඇති ආකාරයේ ප‍්‍රශ්න ජනතාව තුළ පවතින නිසාය. එහෙත් ඉහතින් දක්වා ඇති ආකාරයේ පිළිතුරු තේරුම්ගැනීමට හෝ, තෝරාගැනීමට මිනිසුන් සබුද්ධික වන්නේ නැත. රටක් වශයෙන් අප පළමුවෙන්ම සිදුකළ යුත්තේ ලිංගිකත්වය පිළිබඳ ඉගෙනගන්නා තරුණ ප‍්‍රජාවක් බිහිකිරීමට පෙර සබුද්ධික වැඩිහිටියන් පිරිසක් නිර්මාණය කරගැනීමයි.
.jpg)






