ඕම්.....................................
............................................
ඔය පූජා වට්ටිටික අස්කරලා පලතුරු ටික බෙදලා දාලා දේවාලේට වටේ අස්පස් කරපන් මම ගෙදරට පොඩ්ඩක් ගොඩවෙලා එනකන්.
කපු මහත්තයා හමුවීමට කවුරු හෝ ඇවිදින් ඇති බව ඔහුගේ නෙත ගැටෙන්නට විය.
"දුව මේ පළාතේ නම් නෙවෙයි වගේ."
"නෑ මහතුන් මාමේ මේ මගේ දුව යශෝමා.."
'අප්පේ....... පුංචි සන්දියේ දැක්කට පස්සේ අදනේ නොව දැක්කේ...මට අඳුර ගන්නත් බැරි වුණා දෙවියනේ.'
"යශෝමා දැන් මෙහේ දකින්නත් නෑ තමා මහතුන් මාමේ, කැම්පස් එකේමනේ වැඩි හරියක්."
"අහන්නත් සතුටුයි.උඹට කදිරාණ මංගර දෙවියන්ගේ පිහිට ලැබේවා දුවේ.ඉතින් ඉතින් මේ හරියකින් ඈදී ගත්තනම්.තේ කහට ටිකක් බීලම කතා කරන්න බැරියෑ..
යශෝමා මොනවාද ඔය හැටි කල්පනා කරන්නේ?.."
නෑ, කපු මහත්තයෝ මං මේ කල්පනා කලේ අපේ ගමේ මිනිස්සු උදේට තමන්ගේ රාජකාරී වලට යන්න කලින් දේවාලේට ඇවිත් මිසක් වැඩට නම් ගියේ නෑනේ..තාමත් එහෙම්මමද?
ඒත් මං මේ තාකහනියේම ආවේ මාමාගෙන් දේවාල ගැන විස්තර ටිකක් දැන ගන්න.
" ඉතිං කෙල්ලේ මේ දේවාලය ගැන විස්තර ඕනීම කෙනෙක්ගේන් ඇහුවත් කියයි නේ"
" නෑ නෑ මාමේ මට මේ කැම්පස් එකේ වැඩකට පොතක් හදන්න කරුණු ටිකක් දැන ගන්න ඕනේ , මට හිතුනා මේකට සුදුසුම කෙනා මාමා තමා කියලා."
මාමා තරම් මේ දේවාලේ ඉතිහාසය ගැන දන්න කෙනෙක් මේ ගම් හතකවත් නැහැනෙ ඉතින්. මට හිතුනා මාමා ගෙන්ම අහන එක කෝකටත් හොඳයි කියලා.ආයේ ඉතින් වෙන කොහෙවත් යන්න ඕනී නෑනේ.......
ඒත් ඉතිං ඔය මත ගැන නං මගේ ලොකු විශ්වාසයක් නැහැ නේ...........................
හා හා කට,දෙවියන්ගේ අඩවියේ ඉදන්ම මූසල කතා කියනවා,ශාප වෙයි උඹට.නවත්තපන් ඔය කට කැඩිච්ච කතා.මංගර දෙවියන් අදහන්නේ මේ පලාතේ මිනිස්සු කොහොමද කියලා දන්නේ නෑ වගේනේ.දේවාලේ හාස්කම් එමටයි, අතීතේ ඉදන්ම...
වාහනයක් ගත්තත් ආරක්ෂා කර ගන්ටත් බාරහාර වෙන්නේ මෙතනට.
කඩයිම් විභාගයක් ජය ගන්න වුණත් මෙහෙට බාරයක් වුණොත් නම් වරදින්නේ නෑ නොව.
දෙයියොත් එක්ක සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා කෙල්ලේ.අර මතකනේ එකපාරක් දේවාලේ ආභරණ වගයක් හොරකන් කරපු රුක්කත්තන් හංදියේ ඉලන්දාරින්ට වෙච්චි විනාසේ....
අන්තිමට උන් එකාට එකා කපා ගෙනනේ නොව මැරෙන්න සිද්ධ වුණේ....
මේ හරියෙන් ඈදී ගනින්කෝ මං උඹට මේ මෑතක වෙච්චි හොදම සිද්ධිය කියන්න.
හ්ම්...
අසළ තිබු මකුණුදැල් බැදී දූවිලි පාටවන් පොත දෙස ඇගේ නෙත් ගැටෙයි.
"කදිරාණ මංගර දේවාලය අවුරුදු 400 කට වඩා පැරණිය.පරම්පරාවෙන් පරම්පරාවට පැවත ගෙන එන මෙය දැන් 5 වන පරම්පරාව තුළ වැඩ කටයුතු කරනු ලබන්නේ මහතුන් කපු මහත්තයාය.කපු මහත්තයා මෙය බාරගෙන අවුරුදු 40 කට වැඩිය.කපු මහත්තයාගේ අත්තා පුංචි සිංඣෝ කපුරාල එවකට යන්ත්‍ර මන්ත්‍ර පවා ඉහළින් කළ අයෙක් විය.මංගර දෙවියන් ඉන්දියාවේ සිට ලංකාවට ගොඩ බැස ඇති බව ජනශ්රැතිය තුළ දක්වා ඇත.එහිදී ලංකාවේ උසන්ගොඩට ගොඩ බැස ඇති බවත්,කදිරාණ ගමේ දරුණු මීමේක් මෙල්ල කිරීමට පැමිණි පසු මංගර දෙවියන්ගේ ආභරණ හමු වු පසු එම අඩවිය කදිරාණ මංගර දේවාලය අඩවිය බවටම් පත්විය.
මී මු හබා එලවා පසු පසින්ගෙන
හිසවට කරකවා දැනුමට සමත්වුණ
මංගර දෙවොල කියතත් මෙහි නමින්දැන
බලඅඩු නොමැත වෙනු කදසුරු වෙතින්ගෙන
නුග ගස් 7 කින් හා විල් ගණනාවකින් වට වු මෙම අඩවියේ අද වන විට නුග ගස් 2 ක් ඉතිරි වී තිබේ.හාස්කම් අතින් ඉහළ මෙම පුද බිම වන්දනාමාන කිරීමට ලංකාවේ නොයෙක් පළාත් වල ජනයා පැමිණෙයි.විශේෂයෙන් ගොවිතැනට බාර වෙන්නට,කිරි ඉතිර වීමට,අපල උවදුරු වලින් ආරක්ෂාව පතා ද බාරහාර වීමට මෙම අඩවිය යහපතය.කෙසේවෙතත් මේ දේවාලය අඩවියේ අවුරුද්දක් පාසා ජනවාරි 1 වන දිනට තම නිවස තුළ හැර දේවාල අඩවියේ කිරි උතුරුවන එකම ගම කදිරාණ ගම්මානය බව දැක්විය හැක."
යශෝමා මේ තේ එක බිවුවනම් පැවසුවේ කපු මහත්තයාය.යශෝමාගේ අත්ල මත තබා කියවමින් සිටි පුස්තකය බිම වැටුණේ කපු මහත්තයාගේ ගැඹුරු කටහඩට තිගැස්සීය.
ඕං ඔය පොත අරගෙන ගිහින් කියවපන් ඔය ඔලුවේ තියෙන විකාර නැතිවෙන්න.
පොත කියවූ යසෝමාට දේවාලය පිළිබඳ සිත් තුළ පැහැදීමක් ද ඇතිවන්නට විය.මන්ද මහතුන් කපු මහත්තයා මේ දේවාලේ වැඩකටයුතු සිදු කරනු ලබන්නේ පස්වන පරම්පරාවේ පුරුකක් ලෙස ය.කපු මහත්තයා කියන අන්දමට පොලන්ද කාලයේ බේස්ලයින් පාරට මුහුණලා පැවති කඳවල කුළුණ පැවතුනු දා සිට මෙම දේවාලය පවතින බව ද ජනශ්රැතිය තුළ අන්තර්ගත වේ.මංගර දෙවියන්ට අමතරව මේ පුද බිමේහි විශ්නු කතරගම දෙවියන් සදහාද පුද සත්කාර කරයි.
කපු මහත්තයා බුලත් විටක් කොටමින් මේසේ පවසයි.
උඔ දන්නවාද ගිය පාර පෙරහැරේ තොරණ හදන්න ගිහින් වෙච්චි සන්තෑනිය.අර බේබිලගේ ගෙදර ලොකු එකා.මතකද උඔට?
ඔව් ලොකු අයියනේ..
"හ්ම්,ඒකා පුංචි සන්දියේ ඉදන් දේවාලේමනේ.ගිය පාරක දේවාලේ පෙරහැරේ තොරණ හදන්න පුවක් ගස් කපන් ගෙනත් තිබ්බා.පුවක් ගස් වල උසේ හැටියටනම් තොරණේ වැඩ වලට නම් පහසුයි.කොහොමහරි ඔය බේස්ලයින් පාරට මුහුණලා තමා ඔය තොරණ ගහන්න හිටියේ.කොහොමත් ඔය ඉලන්දාරියෝ ටික ඔය වැඩ වලට දස්සයිනේ.හැම අවුරුද්දකම ජයටම තොරණ වැඩ ටික අහවර වන නිසා මං ඒ පැත්තට ඔලුව දැම්මේත් නෑ.
කොහොම හරි.....
බේබිලගේ ලොකු එකා තොරණ හදන්න පුවක් ගහ හිටවලා මගක් දුර නැග්ගත් හරි පුවක් ගහ නැමිලා.මිනිස්සුන්ගේ අදෝනාව කොය්තරම්ද කියන්වානනම් එ සද්දේට නොව මාත් ගියේ.බලද්දී බේස්ලයින් පාරේ වොට් 33000 කරන්ට් වයර් එක පුවක් ගහේ වැදිලා ලොකු එකා එතනනම ඇද වැටීලා."
" හම්මේ.... පවු ලොකු අයියා.
එවේලේම ඉස්පිරිතාලේට ගිය පසු දොස්තරවරුන් කිහිපදෙනෙකුම කැටුව ඔහුගේ ජිවිතය බේරා ගැනීමට නොමද උත්සහායක නිරත විය.
" මිසී ඉක්මනට ලොකු දොස්තරට එන්න කියන්න "
"කෙලින්ම අ.සී.යු එකට යවන්න" ලොකු දොස්තර පැවසුවේ ය.
" අනේ දොස්තර මහත්තයා ම්ගේ මහත්තයව
බේරලා දෙන්න..... ඔබ තුමාට දෙයියන්ගේම පිහිටයි"
කොතරම් උත්සහයක නිරත වුවද කිසිදු ගුණාත්මක බවක් දකින්නට නොලබුණේය.ගම්වාසීනගේ සිත් තුළ ඇතිවූ කනස්සල්ල කියා නිම කල නොහැක.අවසානයේ දොස්තරවරුන්ගේද උත්සහය නිරර්තක විය.
"දොස්තර කිව්වේත් දෙවියන්ට බාර දෙමු කියලා."
මොචරියට දාන්නටයි සූදානම් කලේ.ඒ වන විටත් මල්ශාලවට කතා කරලත් අවසනය.අවසන් කටයුතු සියල්ල සූදානම් කර සුදු කොඩි ගම පුරා විහිදෙන්නට විය.මුලු ගමම පාලුවට ගොස් ඇත.
ගමේ මිනිස්සුන්ට 2015.09.14 ගමටම සාපයක්
වුණා වගේ.මිනිස්සු මංගර දෙවියන්ට කන්නලවු කරපු තරම් ගම් හතකවත් වේලා නැතුව ඇති.
" අනේ මගේ මහත්තයා මට දෙන්න දෙවියනේ."
"මගේ පුතා කාටවත් වරදක් කරලා නෑ දෙවියනේ."
" දවසක් ගානේ මේ අඩවියට පය ගහලා ඔබවහන්සේට පුද සත්කාර කලා දෙවියනේ."
යන කන්නලවු දින ගණනක් දෝංකාර දෙන්නට විය.
කපු මහත්තයා ද දෙවියන්ට කන්නලවු කරමින් ඇයද සිටියේ ඔබවහන්සේගේ මේ පූජා බිමටවත් අවැඩක්වත් නොකළ මේ තරුණයාව ආරක්ෂා කර දෙනමෙන් ය.පසුව කපු මහත්තයා මංගර දෙවියන්ට පුද සත්කාර කොට කහ නූලක් ජීවම් කොට බාරහාර වුණි.පසුදා උදෑසනම ලහිලහියේ තරුණයාගේ සුව දුක් බැලීමට ගිය කපු මහත්තයාට දොස්තර පැවසුවේ ද නැවත වතාවක් දෙවියන්ට බාර දීලා බලන් ඉන්නවයි ඇරෙන්නට වෙනත් විකල්පයක් නැති බවයි.පසුව ඉස්පිරිතාලෙට ගිය කපු මහත්තයා රෝගාතුර වු තරුණයාට යාතීකා කරමින් ගෙලයට කර කප්පටක් දමා ඉහේ සිට පාදාන්තය දක්වා දෙහි කපන්නට විය.. මද වේලාවකින් පසුකර කප්පටයෙහි ආශිර්වාද බලයෙන් පාදයේ ඇගිලි සොලවන්නට විය.සියල්ලන්ටම් නිම්හිම් නැති සතුටක් සිත් තුළ ඇති වනවා සේම මහත් ආශ්චර්යජනක සිදුවීමකට නෙත් විවර විය. එම අවස්තාවේන් පසුව ගම්වාසීන් මංගර දෙවියන්ට කළ සියලු බාරහාර ඔප්පු කරමින් මහත් සැහැල්ලුවකින් හා සන්තෝෂයකින් පෙරහැරේ වැඩ කටයුතු ආරම්භ කළ බව කපු මහත්තයාගේ බිරිඳ පැවසුවේ ද නෙතේ තුටු කදුලක් පිස දමමින් ය.
ඒ අනුව ඔහු ජීවතුන් අතර සිටින්නේ මංගර දෙවියන්ගේ අනුහසින් හා ගම්වාසීන් මංගර දෙවියන් පිළිබද පැවති අසීමාන්තික විශ්වාසය මත බව බොහෝදෙනාගේ අදහස විය.
( සත්‍ය සිදුවීමකි.)
ජී.ඩබ්.එස්.කේ ගුණරත්න .
HS/2015/0280
Traditional communication









👍
ReplyDeleteGood job nangiya������. Hodata liyala thiyenawa kathawa. Digatama karagena yanna. Good luck������������������
ReplyDeleteHoda kathawak sachini...
ReplyDeleteSuperb Sachini Akkiyooooooooooo!
ReplyDeletePatta,😍😍👍💪
ReplyDelete