Tuesday, June 26, 2018

මිනිසා


රළ පෙලන
වෙරළක
අහඹු බෙලි කටුවක
තැලෙන හද
ගිනියම් කර
වැගිරුනේ රුහිරු කදුලුය....


කැඩපතක් වෙත හිද

මම
මාවම සොයන කල
මම
සැකිල්ලක් දුටු
විගසම
සිහි වුණේ දරු දෙපළය....


ජිවිතේ මැද අරගලේ

රැය පහන් වන
තුරු මගේ
ගෙවන මේ
කුරිරු
කණිසමේ
නිමිත්තක්
නැත
මේ භවේ....


- සචිනි කේ.ගුණරත්න -

5 comments:

”ලිංගික අධ්‍යාපනය හා පාසල් දරුවා. ” ගෝලීය සංදර්භීය අවකාශය තුළ පුද්ගලයා තමන් උපයන ධනය වර්තමානයේ මෙන්ම අනාගතයේදී ත් ආයෝජනය කිරීම සදහා වාණිජ බැ...